Home අද ලාල්කාන්ත NPP අලුත් මන්ත්‍රීවරු දන්නේ නෑ කියපු කතාවට ඇතුලේ කචල්

ලාල්කාන්ත NPP අලුත් මන්ත්‍රීවරු දන්නේ නෑ කියපු කතාවට ඇතුලේ කචල්

594
0

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා හඳුනන්නේ නැති බවට අමාත්‍ය ලාල්කාන්ත මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධව එම පක්ෂයේ අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් මතුව ඇත.

ජාතික ජන බලවේගය නියෝජනය කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ගේ පාර්ශවයෙන් මෙම විරෝධය මතුව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් හරිනි අමරසූරිය පාර්ශ්වයේ මන්ත්‍රීවරු ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත වැනි ප්‍රධානීන් හඳුනන්නේ නැති නිසා ඔවුන්ට අඩු සැලකිල්ලක් දක්වන බවට චෝදනා කරමින් මෙම විරෝධය පළ කර ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම විරෝධය නිසා ජාතික ජන බලවේගය අභ්‍යන්තරයේ දෙපර්ශවයක් අතර මෙතෙක් පැවැති අර්බුදය මේ වන විට උස්සන්න වී ඇතැයිි ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

Previous articleදෙවරක් රැවටුණු ජනතාව තුන්වෙනි පාරටත් රැවටීමට සූදානම් නෑ : ශ්‍රිලනිප දුමින්ද කියයි !
Next articleදින 4කදී අධිවේගයෙන් මිලියන 173 ක ආදායමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here