Home අද දයාසිරි ගෙන් හිටපු ජනාධිපතිවරුන්ට ඉල්ලීමක්!

දයාසිරි ගෙන් හිටපු ජනාධිපතිවරුන්ට ඉල්ලීමක්!

159
0

අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරන කෙටි පණිවුඩය (SMS) මෙවර යොමු නොකර රුපියල් ලක්ෂ 980 ක් ඉතිරි කළ බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්ච් සිදුකර ඇති ප්‍රකාශයට එරෙහිව අධිකරණයේ නඩු පවරන ලෙස හිටපු ජනාධිපතිවරුන් ගෙන් තමන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අලුත් අවුරුදු සුබ පැතුම් කෙටි පණිවිඩය යැවීමට රුපියල් ලක්ෂ 980 ක් මීට පෙර වැය කර ඇති බවට මන්ත්‍රීවරිය කර ඇති ප්‍රකාශයෙන් හිටපු ජනාධිපතිවරු සියලු දෙනාට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ නිසා ඇයට එරෙහිව නව පනත යටතේ නඩු පැවරිය හැකි බව ඒ මහතා සඳහන් කළේය.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ දයාසිරි ජයසේකර මහතා තවදුරටත් කියා සිටියේ අලුත් අවුරුදු කෙටි පණිවුඩය යැවීම සඳහා හිටපු ජනාධිපතිවරු ශතයක්වත් වැය කර නැති බවයි.

” කොට්ටච්ච් මන්ත්‍රීවරිය පසුගියදා ප්‍රකාශ කර තිබුණා අලුත් අවුරුදු පණිවුඩය යැවීමට (SMS) ලක්ෂ 980 ක් හිටපු ජනාධිපතිවරු වියදම් කලා නමුත් මෙවර එය රටට ඉතිරි වුණා කියා. මේක අමූලික බොරුවක් බව කිව යුතුයි.

මම ඇයට කියනවා කරුණු නොදැන මෙවැනි බොරු ප්‍රලාප පච ඇද බාන්න එපා කියා මොකද විදුලි සංදේශ නියාමෙන කොමිෂන් සභාව තිබෙන්නේ ජනාධිපතිවරයායටතේ සාමාන්‍යයෙන් රජයේ පණිවුඩයක් යැවීමට අවශ්‍ය වුණාම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම SMS එක විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යවනවා. ඉන්පසු එම කොමිසම එම පණිවුඩය ඔවුන්ගේ සේවා සපයන ආයතන වලට යොමු කරනවා. ඒ අනුව තමයි එම කටයුත්ත සිදු කළේ.

මේ සම්බන්ධව හිටපු ජනාධිපතිවරු මුදල් වියදම් කළේ නැහැ.එවැනි ඉතිහාසයක් තිබුණේ නැහැ. නමුත් එහෙම මුදල් වැය කළා කියලා හිතුවොත් එහෙම වුණත් SMS එකකට වැය වෙන්නේ ශත 10 ක් වැනි මුදලක් රටේ ජීවත් වන සමස්ත ජනතාවට ම යැව්වත් එම මන්ත්‍රීවරිය ප්‍රකාශ කරන තරම් මුදලක් වැය වන්නේ නැහැ.

මෙවැනි බොරු ප්‍රකාශ ඇද බාලා රටේ ජනතාව තවදුරටත් නොමඟ යවන්න එපා කියලා අපි ඉල්ලනවා.

හිටපු ජනාධිපතිවරුන්ට මෙම ප්‍රකාශයෙන් අපහාසයක් සිදුව තිබෙනවා. ඒ නිසා අලුත් ඇට් එක යටතේ නඩු පවරන ලෙස හිටපු ජනාධිපතිවරුන්ගෙන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල වලින් මා ඉල්ලා සිටිනවා. ” යැයි දයාසිරි ජයසේකර මාතා වැඩිදුරටත් පැවසීය.

Previous articleචාමර ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති රනිල් 28 දා අල්ලස් කොමිසමට!
Next articleරටේ වෙඩි තැබීම් කරන්නේ පරණ දේශපාලන කණ්ඩායම් හදපු පාතාල කණ්ඩායම් – ඇමති විජේපාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here