ඉන්දියාවේ පහල්ගම් සංචාරක ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදීන් සෙවීම ආරම්භ කර තිබේ. පකිස්ථාන ජාතිකයන් සහ Lashkar-e-Taiba (LeT) ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් වන ආදිල් තෝකර්, අලි බායි සහ හෂීම් මූසා පිළිබඳ තොරතුරු ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 20ක ත්‍යාගයක් ලබාදෙන බව නිවේදනය කර ඇත.
මේ අතර, 1960 ඉන්දු ජල ගිවිසුම හෙවත් Indus Waters Treaty හි ක්‍රියාත්මක වීම වහාම අත්හිටුවන ලෙස ඉන්දියාව නිල වශයෙන් පාකිස්තානයට දන්වා ඇත. එය ඉන්දියාව සහ පාකිස්තානය අතර ජල සම්පත් බෙදා ගැනීම පිළිබඳව වසර 60කටත් වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ගිවිසුමකි.