පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එවකට ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයාව සිටියදී එම පළාත් සභාව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කීපයක් ඉවත් කර ගැනීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන 28 දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන බව හිටපු ජනාධිපතිය රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට දැනුම් දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද ( 25 ) අල්ලස් හෝ දූෂණය විමර්ශන කොමිසම හමුවට පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ලබන 28 හෝ 30 පැමිණෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කර තිබූ දැනුම් දීමකට අනුව හිටපු ජනාධිපතිවරයා 28 දින එම කොමිෂන් සභාව වෙත යෑමට නියමිතය.