ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇත.
ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර ඔවුන් ජනතාවට පොරොන්දු වූයේ තම රජයක් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවයි.
කෙසේ නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ හැකිද යන්න පිළිබඳව අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායකකාර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවති අතර එහිදී මෙම කමිටුව පත්කරනු ලැබ ඇත.
අලුතින් ගෙන එන පනත ගෝලීය ත්‍රස්තවාදයට සහ අභියෝග වලට මුහුණ දිය හැකි මෙන්ම මානව හිමිකම් .අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන එකක් විය යුතු බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.