අඛණ්ඩ ව්‍යුහාත්මක සීමාවන්, ගෝලීය ආර්ථික පීඩන සහ නොවිසඳුණු වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන් සමඟ පොරබදමින් සිටින බැවින් 2025 දී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.5 දක්වා පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි.
ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද,ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී කැපී පෙනෙන ප්‍රකෘතියක් ලබා ඇති අතර, කලින් පුරෝකථනය කළ සියයට 4.4 ක ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව සියයට 5ක වර්ධන වේගයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව ලෝක් බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් කාර්ය සාධනය හේතු වී ඇති බව ලෝක බැංකුව නිකුත් කරන ලද මෙම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.