මෙවර අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම් කොකිස් බදිනවා කිසිවෙකු දැක්කේදැයි අමාත්‍ය විජිත හේරත් ඇසීය. වෙනත් වසර වල නම් මහබබා මෙන් කැරකි කැරකි කොකිස් බදින බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.
ජාතික ජනබලවේගය පක්ෂයේ ජන රැලියක් අමතමින් ඇමති විජිත හේරත් මේ බව සඳහන් කළ අතර දැන් ඇමති ආර්‍යාවන් නැති බවත් දැන් ඉන්නේ ඇමති භාර්‍යාවන් වුවත් ඔවුන්ද පේන්න නැති බවද සඳහන් කළේය.
පසුගිය මාස 5 ට ඒ වෙනසම ඇති නැද්ද විමසූ, එය වත්මන් ආණ්ඩුව සිදුකළ වෙනසක් බවද කියා සිටියේය.
https://www.facebook.com/watch/?mibextid=wwXIfr&v=1253951599414024&rdid=DJpTdTAYD7hRDy5B