Home අද අපි පරම්පරා දහයකට වැඩ කරලා තියෙන්නේ – ගරු චතුරංග ශ්‍රීමතානන්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

අපි පරම්පරා දහයකට වැඩ කරලා තියෙන්නේ – ගරු චතුරංග ශ්‍රීමතානන්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

530
0

ගත වූ කාලසීමාවේදී ඉදිරි පරම්පරා දහයකට අවශ්‍ය කරන වැඩ ප්‍රමාණය කර අවසන් බව නියෝජය ඇමති චතුරංග අබේසිංහ සඳහන් කරයි. එනිසා මෙම ආණ්ඩුව ආත්ම ගානකට ආපසු හැරවීමට නොහැකි බවද ඔහු පවසයි.

නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ ජනහමුවක් අමතමිනි.

ආණ්ඩුවට කළ හැකි උපරිම වැඩ ප්‍රමාණය අද වන විට කර අවසන් බවත් විපක්ෂයට එල්ල කිරීමට කිසිදු චෝදනාවක් නැති බවත් ඔහු සඳහන් කළේය. එබැවින් විපක්ෂය මේ වන විට තමන් වැන්නන් නොකී කතා කියූ කතා ලෙස පළකර බැනවදිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

තම සහෝදරයන් අරගලකර, ජීවිත පරිත්‍යාග කර ඇති බවද සිහිපත් කළ නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ එබැවින් වැරදි සිදුකළ කිසිවෙකු නිකං අත්හරින්නේ නැති බවත් මුංව ඇතුළට දානවා දානවාමයි කියාද පැවසීය.

https://www.facebook.com/watch/?mibextid=wwXIfr&v=967243198731777&rdid=CmM2Qk87n68haenj

Previous articleගම්පහදී දුම්රියක් පීළි පනී ගමනාගමනයට බාධා.!
Next articleලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් බය හිතෙන නිවේදනයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here