Home අද දළදා ප්‍රදර්ශනය සඳහා VIP පෝලිමක් හැදුවේ දියවඩන නිලමේ – මන්ත්‍රී දේවානන්ද සුරවීර!

දළදා ප්‍රදර්ශනය සඳහා VIP පෝලිමක් හැදුවේ දියවඩන නිලමේ – මන්ත්‍රී දේවානන්ද සුරවීර!

678
0

දළදා ප්‍රදර්ශනය සඳහා ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ ඔවුන්ගේ හිතවතුන් VIP පෝලිමකින් ඇතුල්වන බවට ජනතාව චෝදනා කළත් එලෙස වෙනම පෝලිමක් හැදුවේ දියවඩන නිලමේ වරයා විසින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් පිරිසක් දැනුවත් කිරීම සඳහා පැවැති ජන හමුවකදී මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා දියවඩන නිලමේවරයා විසින් මෙම පෝලිම හැදුවේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් බව පැවසීය.

දළදා ප්‍රදර්ශනය නැරඹීමට ප්‍රභූ පෝලිමක් ඇති බවට සමාජ මාධ්‍ය ඡායාරූප ඉදිරිපත් කරමින් අනාවරණය කළ ද ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු යන පෝලිමක් දළදා ප්‍රදර්ශනයේ නැති බව ඒ මහතා පැවසීය.

කෙසේ නමුත් දියවඩන නිලමේවරයා දළදා ප්‍රදර්ශනය සඳහා වෙනම පෝලිමක් ඇති කලේ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ අරමුණ ඇතිව බවත් ඒ අරමුණ මේ වන විට ඉටුවී තිබෙන බවත් දේවානන්ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleගම්පහදී දුම්රියක් පීළි පනී ගමනාගමනයට බාධා.
Next articleජනාධිපති ආර්යාව කොකිස් බදිනවා දැක්කද? විජිත ජනතාවගෙන් අසයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here