පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටුවේ සාමාජිකයෙක් ලෙසස ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත්කර ඇත.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ.
සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිත වරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා කටයුතු කරයි.
ශානි අබේසේකර මහතා මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ, මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.
මෙම ප්‍රධාන කමිටුවට අමතරව තවත් අනු කමිටු කිහිපයක් මගින් කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීම සිදු කරන බව පොලිසිය පවසයි