Home අද දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශන කමිටුවේ සාමාජිකයන් නම් කිරීම ලබන සතියේ !

දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශන කමිටුවේ සාමාජිකයන් නම් කිරීම ලබන සතියේ !

64
0

වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් නෙරපා හැරීමේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් යෝජනාවට අදාළව විමර්ශනය කිරීමට පත්කරන කමිටුව සඳහා සාමාජිකයින් පත් කිරීම එලැඹෙන සතියේදී සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ඒ සම්බන්ධව ලිඛිතව දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

මෙම කමිටුව සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අනිවාර්ය සාමාජිකයෙකු ලෙස පත් කළ යුතුව ඇත. එසේම ස්ථාවර නියෝගවලට අනුව මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකුද අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගෙන් එකඟතාවෙන් යුත් වෘත්තිකයෙකුද පත් කිරීමට නියමිතය.

වාර්තා වන ආකරයට මෙම කමිටුව ස්ථාපිත කළ වහාම එම විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදීඡන්ද 151කින් සම්මත විය

Previous articleපුංචි ජන්දයේ පැමිණිලි ගලයි !
Next articleබොරුවෙන් බලයගත් ආණ්ඩුව මාස 5ට බිලියන 6000ක් ණයට අරගෙන !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here