Home අද කුරුණෑගල ඉන්ධන පිරවුම්හලක ගින්නකින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලක ගින්නකින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

64
0

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම් හලක ඊයේ ( 07) රාත්‍රියේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් හතර දෙනෙක් මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පවසති.

ඊයේ රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවමින් සිටින අතරතුර එම පිරවුම්හලේ තිබූ ගෑස් ගබඩා දෙකින් එකක පිපිරීමක් ඇති වී තිබේ.

ඇති වූ පිපිරීමත් සමඟ ගින්න පැතිර ගොස් තිබෙන අතර ගින්නෙන් එම ආයතනයේ කළමනාකරු ඇතුළු සේවකයින් හතර දෙනකු මිය ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධව කුරුණෑගල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි

 

Previous articleපළාත් පාලන ආයතන හයක ඡන්දය අතුරු තහනම්!
Next articleට්‍රම්ප්ගේ බද්ද දින 03 කදී කෝටි 43,537ක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සෝදා හරියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here