2022 වන විට දරුණු ලෙස කඩා වැටුණු මෙරට ආර්ථිකය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යම් තැනකට්ස් ගෙනවිත් දුන් බව ජනාධිපති ආර්ථික කටයුතු ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව පවසයි.
එය ප්‍රතික්ෂේප කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආර්ථික කටයුතු පිළිබඳව ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මේ බව සඳහන් කර සිටියේ දෙරණ නාලිකාවේ 360 වැඩසටහන සමඟ එක්වෙමිනි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ඔසවා තැබූ තැනින් ආපස්සට යාමට ඉඩදිය නොහැකි බවත් වත්මන් ආණ්ඩුවේ වගකීම වන්නේ එය ඉදිරියට පවත්වාගෙන යාම බවද ඔහු සඳහන් කළේය .
තමන් මෙරට ප්‍රධානතම බදු උපදේශන සමාගමේ තවමත් සේවය කරන බව පිළිගත් දුමින්ද හුලංගමුව තමන්ට මෙරට සංවේදී ආර්ථික දත්ත ලබාගත හැකි නමුත් එය රැකියාවේ කටයුතු සඳහා යොදා නොගන්නා බවද සඳහන් කළේය .
එබැවින් ළබැඳියාවන් අතර ගැටුමක් ඇති නොවන බවද පැවසීය.
කෙසේ වුවත් 2022 වසර වන විට මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණදී සිටියදී එය යළි ආර්ථික ස්ථාවරත්වයක් කරා ගෙන එනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව වත්මන් ආණ්ඩුවේ කිසිඳු අයෙකු පිළිනොගන්නා සහ මඟ හරින පසුබිමක මෙකී ප්‍රකාශය අතිශය වැදගත් කාරණයක් සහතික කරන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි .