සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විශේෂ දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.
‘සිරි දළදා දැක්ම’ නමින් මෙම දළදා ප්‍රදර්ශනය නම් කර ඇති අතර එය පුරා දින 20ක් මහනුවර දළදා මාලිගය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි .
සමාරම්භක දිනයේ දළදා ප්‍රදර්ශනය ප.ව. 3ට ආරම්භකර ප.ව. 5.00 ට අවසන් වීමට නියමිතයි.
ඉන් අනතුරුව සෙසු දිනවලදී දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වෙයි.
මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ යෝජනාවක් අනුව සිදුවෙයි.