Home අද ලුනු හිඟයක් අත ළඟ : කුකුළු මස් මිලත් ඉහළට !

ලුනු හිඟයක් අත ළඟ : කුකුළු මස් මිලත් ඉහළට !

150
0

ඉදිරියේදි වෙළෙඳ පොළ තුළ ලුනු හිඟයක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් ඉන්දියාවෙන් ලුනු මෙට්‍රික් ටොන් 20000ක් ආනයනය කිරීමට සමාගම් විසින් රජයෙන් අවසර ඉල්ලා තිබේ.

එහිදී එම සමාගම් පෙන්වාදී ඇත්තේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයෙන් සිදුවූ ජල ගැලීම් හේතුවෙන් හම්බන්තොට , මන්නාරම පිහිටි ලුනු ලේවා ආශ්‍රිතව නිෂ්පාදන කටයුතු අඩාල වූ බවයි.

එසේම මේ වන විට වෙළෙඳ පොළ තුළ කුකුළු මස් මිල ඉහළ යන තත්ත්වයක් උද්ගතව තිබේ.

සිල්ලර වෙළෙඳුන් මෙන්ම පාරිභෝගික ජනතාව පවසන්නේ පසුගිය සතියට සාපේක්ෂව කුකුළු මස් කිලෝව රුපියල් 150-200 ක අතර මිල ඉහල යාමක් සිදුව ඇති බවයි.

මෙම මිල ඉහළ යන තත්ත්වය එළැඹෙන නත්තල් සමයේදී තවත් වැඩිවනු ඇති බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙන අතර අප්‍රිකානු සූකර උණ හේතුවෙන් ඌරු මස් අනුභවය අඩුවීම සහ කුකුළු මස් අනුභවය ඉහල යාම ද ඊට හේතුවක් ලෙස දක්වයි.

Previous articleලොහාන් ආයෙත් රිමාන්ඩ් !
Next articleශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here