Home අද මෙන්ඩිස්ට සීල් තියයි !

මෙන්ඩිස්ට සීල් තියයි !

136
0

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට අද (5) මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විසින් කටයුතු කර තිබේ .

මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද (5) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබු අතර ඊට අනුව මෙම මුද්‍රා තැබීම සිදුකර ඇත.

මෙසේ මුද්‍රා තැබීමට පෙර එම නිලධාරීන් පැය හයකට වැඩි කාලයක් එහි කටයුතු නිරීක්ෂණය කර ඇති අතර අනතුරුව ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් පැවසුවේ අද සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ සියලුම නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු සිදුකළ නොහැකි බවයි.

හිඟ බදු ගෙවීම පැහැරහැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා සිට අත්හිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි.

එවන් පසුබිමක ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම සමාගම ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (4) තීන්දු කළේය.

Previous article“සීයා වෙනස් වෙලා නෑ” – රනිල් මාස 4කට වෙන්කරගත් මුදලම ජනාධිපති අනුරටත් වෙන්කරලා – කබීර්ගෙන් චෝදනාවක්
Next articleසතොසෙන් වරකට පොල් තුනයි හාල් කිලෝ 5යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here