ඊ පී ඩී පී පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද 21 වැනිදා වරෙන්තු නිකුත් කර ඇත
රුපියල් මිලියන 10 බැගින් අගරු චෙක්පත් දෙකක් ලබාදීම සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්ද මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සුබ්‍රමණියම් මනෝහරන් නැමැති වැල්ලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සාක්ෂිකාර ඩග්ලස් දේවානන්දා මහතා සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිට නැත.
මේ දිනවල ඔහු රෝගී තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇතත් ඒ බව සනාථ කිරීමේ ලියකියවිලි හෝ වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා මෙම නියෝගය ලබා දී තිබේ.