Home අද වැඩිහිටි දීමනාව අස්වැසුම ගිණුමට

වැඩිහිටි දීමනාව අස්වැසුම ගිණුමට

15
0

වයස අවුරුදු 70ට වැඩි‍, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත් වන වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව මේ මාසයේ සිට අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල සිටින ප්‍රතිලාභීන්ට නොවැම්බර් මාසයට අදාළ රුපියල් 3000ක වැඩිහිටි දීමනාව අද සිට තම පවුලේ අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අස්වැසුම ප්‍රතිලාභීන් නොවන අවුරුදු 70ට වැඩි දැනටමත් එම දීමනා ලබන ඉතිරි වැඩිහිටියන් සඳහා ගෙවන වැඩිහිටි දීමනාව පැවති ක්‍රමය අනුව අඛණ්ඩවම තැපැල් කාර්යාල මගින් ලබාගැනීමට හැකියාව ලැබේ. අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පන් ලක්ෂ එකොලොස් දහස් අසූ හයකට මෙම දීමනාව හිමි වනවා.

Previous articleමුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නම්කරයි
Next articleඋතුරු සහ නැගෙනහිරට චීනෙන් ආධාර වරුසාවක් (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here