Home අද සජිත් විසිවෙයි – රනිල් වික්‍රමසිංහ විපක්ෂනායක ධුරයට ?

සජිත් විසිවෙයි – රනිල් වික්‍රමසිංහ විපක්ෂනායක ධුරයට ?

4
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනුව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ධුරයට පත්කිරීමට සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ සහාය හිමිවනු ඇති බවද සඳහන්ය. සජිත් ප්‍රේමදාස මහතා සමග ජාතික ජන බලවේග රජයට සැලකිය යුතු මතවාදී අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වනු ඇති බවට එම මන්ත්‍රී කණ්ඩායමේ වැඩි පිරිසක් කරුණු දක්වා ඇති බවට වාර්තා වේ.

එම තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ මහතාගේ විපක්ෂ නායකත්වය යටතේ කටයුතු කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනුව වාර්තා වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට එම පුරප්පාඩුව සදහා පාර්ලිමේන්තු පිවිසීමට අවස්ථාව ලබාගැනීමටද සැලසුම්කර ඇති බවද වාර්තා වේ.

Previous articleහරීන් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here