නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ සහ ඊට අනුබද්ධිත දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සහ ඊට අනුබද්ධ පක්ෂ අතර අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
ජාතික ජන බලවේගය මෙවර මැතිවරණයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි බහුතරයක් ලබා සිටින අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත් එම අභියෝගවලට සාර්ථකව මුහුණ දී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට දක්ෂ තරුණ මන්ත්‍රීවරයකු ලෙස කාංචන විජේසේකර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කළ යුතු බවට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බහුතරයකගේ අත්සනින් යුතු ලිපියක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබිණි.
එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ රනිල් වික්‍රමසිංහ මහතාද ඊට එකඟත්වය පළ කර ඇත්තේ තරුණ නියෝජනයක අවශ්‍යතාවය දැඩිව මතුව තිබෙන බව පෙන්වා දෙමින්ය.
ඒ අනුව ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම තීරණය ගෙන තිබේ.
මෙවර මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවූ අතර රවි කරුණානායක මහතා ඉන් එක මන්ත්‍රී ධූරයක් ලබාගෙන ඇත.