Home අද කඩා කප්පල්කාරීන්ගේ වුවමනාවට තනතුරෙන් ඉල්ලා අස් වෙන්නේ නෑ – රුහුණු විශ්වවිද්‍යාලයේ උප...

කඩා කප්පල්කාරීන්ගේ වුවමනාවට තනතුරෙන් ඉල්ලා අස් වෙන්නේ නෑ – රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති

3
0

කොපමණ වැඩ වර්ජන දියත් කලත් කඩාකප්පල්කාරීන්ගේ වුවමනාවට තමන් තනතුරෙන් ඉල්ලා අස් නොවන බව රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසීය.

මෙම තීරණය මේ වන විට අග්‍රාමාත්‍ය හරනි අමරසූරිය මෙනවිය වෙත තමන් ලිඛිතව දැනුම් දී ඇති බව ඒ මහතා අනාවරණය කළේය.

සුජීව අමරසේකර මහතාට උපකුලපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් දිගු කාලයක සිට රුහුණු විශ්ව විද්‍යාලයේ
අධ්‍යන හා අනධ්‍යයන සංගම්, ශිෂ්‍ය සංගම් සහ ආචාර්යවරු එක්ව විරෝධතා දියත් කළ අතර ඊයේ සිට වැඩ වර්ජනයක් ද ආරම්භ කරනු ලැබීය .

මේ අතර සුජීව අමරසේකර මහතා උප කුලපති ධූරයෙන් ඉවත් නොකළොත් ලබන සඳුදා සිට සියලු විශ්වවිද්‍යාල ඒකාබද්ධ කර ගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බව ඉහත වෘත්තීය සමිති අගමැතිනිය වෙත දැනුම් දී ඇත.

උපකුලපතිවරයා දිගු කලක සිට විශ්වවිද්‍යාලය තුළ සාමය ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකිරීම.වංචා හා දූෂණ ක්‍රියාවල නිරතවීම අසාධාරණ ලෙස ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය තහනම් කිරීම අධ්‍යාපනය නිමකළ ශිෂ්‍යයන් රැසකට තම උපාධිය ලබා ගැනීමට අවස්ථාව ලබා නොදීම වැනි චෝදනා මත ඔහුට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට බල කරන බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

කෙසේ වෙතත් මේ සම්බන්ධව රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ජේෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේකර මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු පවසා සිටියේ තමා විශ්වවිද්‍යාලයේ සියලු පීඨ සමග ඉතා සහයෝගයෙන් සාර්ථක ලෙස විශ්ව විද්‍යාලයේ කටයුතු පවත්වාගෙන යන බවයි.

තමාට එල්ල කරන සියලු චෝදනාවලින් තමන්ව නිර්දෝෂී වී තිබියදී ඇතැම් වෘත්තිය සමිති සහ ආචාර්යවරු මෙම විරෝධතා පවත්වන්නේ ඔවුන්ගේ පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් බව උප කුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here