Home අද හරීන්ට ඇප

හරීන්ට ඇප

3
0

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (20) ඇප මත නිදහස් කර තිබේ.

බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත හිටපු අමාත්‍යවරයාව ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇත.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද පෙරවරුවේ බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.

 

එහිදී පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සිදුකිරීම ඇතුළු චෝදනා 06ක් හිටපු අමාත්‍යවරයා වෙත එල්ල කර තිබිණ

Previous articleහාල් සූප්පු කරලා ලූණු සුවඳ බලන්න – නත්තලට හිත හදාගන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here