එළඹෙන නොවැම්බර් 21 වන දින දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිය.
නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එදින සවස 3.00 ට ඉදිරිපත් කරන බව කලින් සඳහන් කර තිබුණද එම වෙලාව පෙ.ව 11.30 ලෙස සංශෝධනය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.