Home අද නිලධාරීන් දිනයි – හඳුන්ට මුදල් ඇමතිකම නෑ

නිලධාරීන් දිනයි – හඳුන්ට මුදල් ඇමතිකම නෑ

1047
0

ජාතික ජනබලවේගය ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය සඳහා මීට පෙර එම පක්ෂයේ ආර්ථික කමිටු ප්‍රධානී සුනිල් හඳුන්නෙත්ති වෙත ලබාදීමට යෝජිතව තිබුණත් ආර්ථිකය සම්බන්ධව වගකීම් දරන ප්‍රබල නිලධාරීන් පිරිසකගේ ඉල්ලීම මත එම තීරණය වෙනස් කරගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි .

ඒ අනුව තීන්දු කර ඇත්තේ මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන හා සැලසුම් අමාත්‍යාංශය තවදුරටත් ජනාධිපති අනුර දිසානායක යටතේ තබා ගැනීමටය .

ඒ අනුව ආරක්ෂක හා ඩිජිටල් යන විෂය පථයන්ට අමතරව ජනාධිපතිවරයා තවදුරටත් අදාළ අමාත්‍යංශයේ වගකීම් දරනු ඇත.

එසේම ජාතික ජන බලවේගය පක්ෂයේ ආර්ථික කමිටුව නියෝජනය කළ ප්‍රබලයකු ජනාධිපතිවරයාගේ සහායට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට යෝජිතව ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි .

Previous articleවිපක්ෂ නායක ධුරය හර්ෂ ද සිල්වාට ?
Next articleඅපිට මෙවැනි බලයක් දුන්නේ දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන්න අපේක්ෂාවන් ඉටුකරන්න – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here