Home අද සිලින්ඩරයෙන් රවී ඇතුලේ : අනිත් සිලින්ඩරය පස්සේ !

සිලින්ඩරයෙන් රවී ඇතුලේ : අනිත් සිලින්ඩරය පස්සේ !

2
0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක නම් කර ඇති බව වාර්තා වෙයි .

ඊට අදාළ ලිපිය එම පක්ෂයේ ලේකම්වරිය වන ශර්මිලා පෙරේරා විසින් අද (18) මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත යොමුකර ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි .

එසේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ට (සිලින්ඩරය) හිමි අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා වන නම ඉදිරියේදී දැනුම්දෙන බවද අදාළ ලිපියේ සඳහන් කර ඇත .

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ට (සිලින්ඩරය) හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධව සාකච්ජාවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේදී ඊයේ (17) පවත්වා ඇත . එහිදී අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක යන නම් යෝජනා වී ඇතත් , අනෙක් පාර්ශ්වයන්ගේ විරෝධතා හේතුවෙන් තීරණයක් ගැනීමට නොහැකිව ඇත .

කෙසේ වුවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක ගේ නම මැතිවරණ කොමිසමට යැවීමට එම පක්ෂයේ ලේකම්වරිය කටයුතු කර ඇත්තේ එවැනි පසුබිමකය .

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මෙන්ම පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අද (18) සවස් වරුවේ ද පැවැත්වීමට නියමිත බවය .

Previous articleමාලිමාවේ 43 ක් පාර්ලිමේන්තුවේදී විපක්ෂයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here