Home අද ජාතික ලැයිස්තුව සමගිය අසමගි කරයි

ජාතික ලැයිස්තුව සමගිය අසමගි කරයි

1042
0

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හතරක් තම පක්ෂ වෙත ලබා දෙන ලෙස සුළු ජාතික පක්ෂ නායකයින් ඉල්ලා සිටීම නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම් කිරීම දැඩි අර්බුදයකට ලක්ව ඇත.

පලනි දිගම්බරම්, රවුෆ් හකීම් මනෝ ගනේශන් සහ රිෂාඩ් බදුර්දීන් යන සුළු ජාතික පක්ෂ නායකයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර තම පක්ෂ වෙත ලබා දෙන ලෙස දැඩිව ඉල්ලා සිටීම නිසා මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව ඉමිතියාස් බාකිර් මාකර් රන්ජිත් මද්දුම බන්ඩාර, ඉරාන් වික්‍රමරත්න, තිස්ස අත්තනායක, සුජීව සේනසිංහ යන අයද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටින බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම අර්බුදය තවමත් නොවිසඳවීම නිසා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සදහා නම් කිරීම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

Previous articleජනපති අමාත්‍ය ධුර තුනක් තමන් යටතේම තබා ගනියි
Next articleශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here