අද පෙරවරු 07.00 ට ආරම්භ වී සවස 04.00 ට අවසන් වූ 2024මහා මැතිවරණ ඡන්ද විමසුම සාමකාමීව පැවැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුව සියලුදෙනා නිවස තුළට වී ජය පරාජය භුක්ති විඳිය යුතු බවත් මහමග ගැවසීමෙන් හා පුළුල් තිර යොදා කණ්ඩායම් ලෙස මැතිවරණ ප්‍රතිඵල නැරඹීම අයුතු ජනරාසියට ගැනෙන වරදක් බැවින් එසේ නොකොට නිවෙස් තුළට වී සිටින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති අර් .එම්.ඒ.එල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙවර මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රතිශත දෙස බලන විට ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් දක්නට ඇත.
ඒ අනුව කොළඹ – 65%
නුවරඑළිය – 68%
කුරුණෑගල – 64%
මඩකලපුව – 61%
මාතර – 64%
පුත්තලම – 56%
අනුරාධපුර – 65%
බදුල්ල – 66%
මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
මුලතිව් – 63%
පොළොන්නරුව – 65%
රත්නපුර – 65%
ගාල්ල – 64%
යාපනය – 69%
හම්බන්තොට – 60%
මාතලේ – 67%
කෑගල්ල – 65%
මොනරාගල – 63%
වව්නියාව – 65%
කිලිනොච්චිය – 62%
මහනුවර – 62%
කළුතර – 64%
අම්පාර – 62%
ගම්පහ – 66%
මේ අනුව ප්‍රකාශිත තැපැල් ඡන්ද ගණන් කිරීම අද පස්වරු 4.15 සහ සාමාන්‍ය ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම පස්වරු 7 .15 ට පමණ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි
මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවට එම කොමිෂන් සභාව විශ්වාසය පළ කරයි