Home අද විදෙස්ගත ලාංකිකයන්ට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම

විදෙස්ගත ලාංකිකයන්ට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම

56
0

විදෙස්ගත ලාංකිකයන්ට උපත්, විවාහ හා මරණ සහතික තනාපති කාර්යාලයෙන්ම ලබාගැනීමේ හැකියාව

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල, ඕස්ට්‍රේලියාවේ මෙල්බන්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇති ක්‍රම වේදය අනුවම විදේශ තානාපති කාර්යාල හරහා ද එම සහතික නිකුත් කිරීමට හැකි වන පරිදි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වා ගෙන යනු ලබන e-BMD දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීම මගින් මෙම අවස්ථාව උදාවී ඇත.

ඒ අනුව මුල් අදියරේ දී e-BMD දත්ත පද්ධතිය දැනට පරිලෝකනය කර ගබඩා කර ඇති මිලියන 45 කට ආසන්න උපත්, විවාහ හා මරණ සහතික පමණක් නිකුත් කිරීම සිදුකිරීමට නියමිත අතර 1960.01.01 දිනට පසු ලියාපදිංචි කර ඇති සහතික මෙලෙස ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබේ.

Previous articleබදු නොගෙව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට තීරණයක්
Next articleඡන්ද විමසීම ඇරඹේ – මේ දක්වා තත්වය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here