Home අද දේශපාලන පක්ෂයක් ගැන ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 5ක් දැමීම ගැන විශේෂ පරීක්ෂණයක්

දේශපාලන පක්ෂයක් ගැන ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 5ක් දැමීම ගැන විශේෂ පරීක්ෂණයක්

57
0

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, අදාළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් මේ වනවිටත් ලබාදී ඇති බවය.

කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබාදුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 05ක් අන්තර්ගත වීමට අදාළව මෙම පරීක්ෂණය පවත්වයි.

ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සමාජය තුළ කතාබහට ලක්වී ඇති මෙම ප්‍රශ්න පත්‍රය, සකස් කර ඇත්තේ අදාළ පාසලෙන් ම බවත් ඒ සඳහා අමාත්‍යංශ මට්ටමින් හෝ වෙනත් ආයතනික මට්ටමකින් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය.

අමාත්‍යංශ මට්ටමින් සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයකින් පසුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

Previous articleවනිඳුට නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය අහිමි වෙයි
Next articleහිටපු ඇමතිගේ බෑනාගේ නිවසේ තිබී සොයාගත් සුඛෝපභෝගී වාහන දෙකේ අලුත්ම විස්තරය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here