Home අද හිටපු ඇමතිගේ බෑනාගේ නිවසේ තිබී සොයාගත් සුඛෝපභෝගී වාහන දෙකේ අලුත්ම විස්තරය මෙන්න

හිටපු ඇමතිගේ බෑනාගේ නිවසේ තිබී සොයාගත් සුඛෝපභෝගී වාහන දෙකේ අලුත්ම විස්තරය මෙන්න

98
0

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අබේගුණවර්ධන මහතාගේ ඥාති බෑනාවරයෙකු බව කියන ඉසුරු සද්ධාතිස්ස නැමැති අයගේ නිවසේ තිබී පසුගියදා සොයාගන්නා ලද රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී කාර් රථය සහ ජීප් රථය ලියාපදිංචි නොකළ එකලස්කොට සකස් කරගන්නා ලද වාහන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයේදී හෙළි කරගෙන තිබෙනවා.

සුඛෝපභෝගී කාර් රථය අවස්ථා ගණනාවකදී නීති විරෝධී ලෙස කොටස් එක්ලස්කර සකස් කරන ලද එකක් බවත් ජීප් රථයේ චැසි අංකය ව්‍යාජ එකක් මෙන්ම එම රථය කොටස් එක්ලස්කොට සකස් කළ එකක් බවත් අනාවරණය කරගෙන තිබේ

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා ඇති බවට ලැබුණ තොරතුරක් මත පසුගිය 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත

වාහන ළඟ තබාගෙන සිටි පුද්ගලයාට එම වාහන නීත්‍යානුකූල ඒවා බව තහවුරු කිරීමට නොහැකි වීම නිසා වාහන දෙක පොලිස් භාරයට ගෙන තිබේ.

වාහන නවතා තිබූ නිවසේ හිමිකරු වන ඉසුරු සද්ධාතිස්ස මහතා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ
නිලධාරීන් හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ මෙම වාහන සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත් එම වාහනය තම මිතුරෙකු නිවසේ නවතා දමා ගිය බවත් ය

මේ වනවිට ඉසුරු සද්ධාතිස්ස නැමැත්තා අතුරුදහන්ව සිටින අතර ඔහුට එරෙහිව මහනුවර අපරාධ විමර්ශන කොට්ඨාස ඒකකය අධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණයේ නියෝග කළේය.

ඉසුරු සද්ධාතිස්ස නැමැත්තා හිටපු අමාත්‍යය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනගෙ සහෝදරයෙක් බව තොරතුරු අනාවරණය වී තිබේ.

Previous articleදේශපාලන පක්ෂයක් ගැන ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 5ක් දැමීම ගැන විශේෂ පරීක්ෂණයක්
Next articleලෝ ප්‍රකට එයාර් ෂෝ චයිනා ඇරඹේ (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here