ඉදිරියේ පත්වෙන මාලිමා රජයක් යටතේ ව්‍යාපෘති 11ක් ජපන් ආධාර මත සිදුකරනු ලබන බවත් එහි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නොමැති බව ජාතික ජන බලවේගයේ අපේක්ෂක වසන්ත සමරසිංහ පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්
වත්මන් රජය පත්වීමෙන් අනතුරුව ජපන් ආධාර මත මෙරටදී සිදුකිරීමට නියමිතව තිබූ පසුගිය රජයන්ගේ දුර්වලතාවයන් මත අත්හැර දමා තිබූ ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කිරීමට නියමිත බව එම වැඩසටහනට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා කියා සිටියා.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේද යන්න එහිදී හිටපු අමාත්‍ය කංචන විජේසේකර විමසා සිටියා.
එයට පිළිතුරු දෙමින් වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සිදු නොකරන බවයි.