Home අද ජාතික ජන බලවේගයට විශිෂ්ඨ ජයක් – මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

ජාතික ජන බලවේගයට විශිෂ්ඨ ජයක් – මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

81
0

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිකුත් කර තිබෙන ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගෙන ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද 6.863.186 ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 141 ක් දිනාගෙන ඇත.

සමගි ජන බලවේගය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1.968.716 කි ඒ සඳහා ඔවුන්ට මන්ත්‍රී ආසන 35ක් හිමිව තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500835ක් ලබා තිබෙන අතර ඒ සඳහා එම පක්ෂයට මන්ත්‍රී ආසන 03 ක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350449 ක් ලබා ගනිමින් ආසන දෙකක්ද හිමි කරගෙන තිබේ.

ඉලන්ගේ තමිල් අරුසුකච්චි පක්ෂය ඡන්ද 257853ක් ලබා මන්ත්‍රී ආසන 07 ක් දිනාගෙන ඇත.

සර්ව ජන බලය පක්ෂය මැතිවරණයේදී ඡන්ද 178006 ක් ලබාගෙන ඇත. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද 83488 කි. එම පක්ෂ ලබාගත් ඡන්ද වලට අනුව මන්ත්‍රී ආසන දිනා ගැනීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87038 ක් ලබා ආසන02 ක් ද සෙසු පක්ෂ ආසන 06 ද ජයග්‍රහණය කරගෙන ඇත.

දේශපාලන පක්ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව අනුව මන්ත්‍රී ආසන 196 ක් බෙදී ගොස් තිබෙන අතර ලබාගත්

සමස්ත ඡන්ද සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29 ය ඒ ඒ පක්ෂ වලට හිමිවනු ඇත.

එයින් ජාතික ජන බලවේගය එහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 18ක් හිමිකරගෙන තිබේ.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 5ක් හිමිකරගෙන ඇති අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හිමිකරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර සංඛ්‍යාව 2කි.

ජාතික ජන බලවේගය -6,863,186 ආසන – 159
සමගි ජන බලවේගය -1,968,717 ආසන – 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි -257,813 ආසන – 8
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 500,835 ආසන – 5
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 350,429 ආසන -3
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය -87,038 ආසන – 3
සර්වජන බලය -178,008 ආසන -1
එක්සත් ජාතික පක්ෂය – 66,234 ආසන – 1
ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය 66,382 ආසන – 1
අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය – 39,894 ආසන -1
අඛිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය – 33,911 ආසන 1
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855 ආසන 1
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 17,710 ආසන 1

Previous articleඑක් එක් පක්ෂ දිස්ත්‍රික්ක මට්ටමින් දිනාගත් ආසන සංඛ්‍යාව මෙන්න
Next articleවිජිත හේරත්ට ඉතිහාසගත ජයග්‍රහණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here