මෙම වසරේ ජනවාරි 01 සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3249 ක් අධිකරණය මගින් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.
රිය ධාවනය කිරීමේදී රියදුරන් මාර්ග නීති රීති කඩ කරමින් වැරදි ආකාරයට රිය පැදවීම නිසා ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කර තිබේ.
රිය පැදවීමේදී සිදුවන අනතුරු අවම කරමින් රියදුරන්ට විනයක් ඇතිව රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා අනාවරණය කළේය.