Home අද පිරිත් නූල් බැඳලා පොටෝ දාන්න එපා

පිරිත් නූල් බැඳලා පොටෝ දාන්න එපා

48
0

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු නොවැම්බර් මස 11 වැනිදා (සඳුදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.

මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත අතර මැතිවරණ ප්‍රචාරණ සිදු කිරීමට සියලුම මැතිවරණ අපේක්ෂකයින්ට ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණි.

මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ‍, නොවැම්බර් 11 මධ්‍යම රාත්‍රියේ සිට නිහඬ කාලය ඇරඹෙන බවත්‍, අපේක්ෂකයින්ගේ පවුල්වල උදවියට ඡන්ද ආයාචනා කිරීමේ අවස්ථාව අහිමි ව යන බවයි. එමෙන්ම ගෙයින් ගෙට යාම ද නීතිවිරෝධී ක්‍රියාවක් බවද රත්නායක මහතා අවධාරණය කර සිටී.

එමෙන්ම‍, ප්‍රචාරණය සඳහා ආගමික ස්ථාන සහ ආගමික පුජකවරුන් හා ඔවුන්ගේ ආගමික කටයුතු භාවිත කළ නොහැකි බවත් පිරිත් නූල් ගැටගසන ආකාරයේ ඡායාරූප අරගෙන ප්‍රචාරක කටයුතු නොකරන ලෙසට ද මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.

Previous articleහිටපු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ සියලු බැංකු ගිණුම් අත්අඩංගුවට
Next articleගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here