Home අද සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ වල අඩුවක්

සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ වල අඩුවක්

232
0

අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අගෝස්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 577ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 556 දක්වා අඩු වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා.

කෙසේවෙතත් 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

මේ වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩව විදේශ සේවා නියුක්තිකයන්ගේ මාසික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 181 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,348ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Previous articleලංකාවට ඕනේ වෙලාවට සල්ලි අච්චු ගහන්න ඕනේ. ණය ඕනේ වෙලාවට ණය ගන්න ඕනේ. මාලිමා රජයකින් ඉස්සරහට ඒවා සිද්ධ වෙයි – සමන්ත විද්‍යාරත්න
Next articleආනයන බදු වැඩිකිරීමත් සමඟ ලොකු ළුෑණු මිල ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here