Home අද අද තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන අයට ලබන 07 සහ 08 ඒ...

අද තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන අයට ලබන 07 සහ 08 ඒ සඳහා අවස්ථාව

2
0

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අදට යෙදී තිබෙනවා. අද (01) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දී ඒ සඳහා පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ පළමු දිනය ලෙස පසුගිය 30 වනදා වෙන්කර තිබුණි.

මෙවර මහ මැතිවරණයේ දී රාජ්‍ය සේවකයින් 7,38,050ක සංඛ්‍යාවක් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර 30 වනදා සහ අද (01) දිනයේ තැපැල් ඡන්දය සලකුණු ඉකිරීමට නොහැකිවන රාජ්‍ය සේවකයින් හට ලබන 07 සහ 08 යන දෙදින ද ඒ සඳහා වෙන්කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටී.

Previous articleමතීෂට රුපියල් කෝටි 45 ක් – IPL 2025 සඳහා CSK නිත්‍ය ක්‍රීඩකයෙක් ලෙස රඳවා ගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here