Home අද මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කළේ ඩයස් පෝරාවේ වුවමනාවකට ද? – නීතිඥ...

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කළේ ඩයස් පෝරාවේ වුවමනාවකට ද? – නීතිඥ මනෝජ් ගමගේ

91
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60දක්වා අඩුකර ඇත හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුකමිටුවක් මගින් වෙනස් කරන්නේ කෙසේදැයි අද 31 නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැති පැවතිමාධ්‍ය හමුවේදී නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රශ්න කර සිටියේය

ජීවිත තර්ජනයක් තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කළේ ඩයස් පෝරාවේ වුවමනාවකටදැයි බරපතළ සැකයක් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පමණක් නොව ඔහුට ලබා දී තිබූ වාහන පහසුකම් ද අඩු කර තිබෙන බව අනාවරණය කළ මනෝජ් ගමගේ මහතා මේ වන විට ඔහුට ලබා දී ඇත්තේ ජීප් රථ දෙකක්. ත්‍රී රෝද රථයක්, යතුරුපැදි දෙකක් පමණක් බව පැවසුවේය.

රාජපක්ෂ මහතාට සපයා ඇති ආරක්ෂාව සහ වාහන පහසුකම් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවපැවසූ මනෝජ් ගමගේ මහතා ඔහුට යම් අනතුරක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය බාරගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.

Previous articleසුපිරි ඩීසල් සහ සුපිරි පෙට්‍රල් මිල අඩුවේ
Next articleනොවැම්බර් 14න් පස්සේ රටේ ස්ට්‍රයික් නෑ – ආණ්ඩුවත් එක්ක ප්‍රශ්නයක්නම් කථාකරලා බේරගන්න – ලක්ෂ්මන් නිපුණආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here