Home අද ශ්‍රී ලංකාවේ බංකොලොත් භාවය අවසන් වෙයි – මට දුන්න වගකීම මම ඉටුකළා

ශ්‍රී ලංකාවේ බංකොලොත් භාවය අවසන් වෙයි – මට දුන්න වගකීම මම ඉටුකළා

412
0

රට බංකොළොත්භාවයෙන් මිදීමට අවසන් පියවර ලෙස සිදුකිරීමට නියමිතව තිබු පුද්ගලික ණය හිමියන් සමඟ එකඟතාවයට පැමිණිම හෙට(19දා) දිනයේදී සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.

ඒ අනුව බංකොළොත්භාවයෙන් මිදීමට අවශ්‍ය සියලු කටයුතු නිල වශයෙන් සම්පුර්ණ කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

දේශපාලනය තුළ දුක සතුට හොද නරක සියලු දේට මුහුණ දීමට සිදුවන බවත් රට දුෂ්කතාවය මුහුණ දුන් අවස්ථිවේදී ජනතාව අමතක නොකර ජනතාව මුදා ගැනීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

සැප්තැම්බර් 21 ට පෙර තමාට පැවරුණු කාර්යය අවසන් කර ඇති බව වාර්තා කිරීමට සතුටු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව රජය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් අතර සාකච්ඡාවක් හෙට (19) පැවැත්වීමට නියමිත අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ බංකොලොත් භාවය නිල වශයෙන් අවසන් වන අතර සියලු රටවල සහය යළි ලැබෙනු ඇත.

 

 

 

Previous articleජනතා නායකයෝ කියා ගත් අය පැනලා දුවද්දි  මම ජනතාව ප්‍රතික්ශේප කරලා දිව්වේ නැහැ
Next articleරට වසර 30 ක් ආපස්සට ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here