Home අද ජනතා නායකයෝ කියා ගත් අය පැනලා දුවද්දි  මම ජනතාව ප්‍රතික්ශේප කරලා දිව්වේ...

ජනතා නායකයෝ කියා ගත් අය පැනලා දුවද්දි  මම ජනතාව ප්‍රතික්ශේප කරලා දිව්වේ නැහැ

374
0

ජනතා නායකයෝ කියා ගත් අය පැනලා දුවනවිට ජනතාව ප්‍රතික්ශේප කර සිටියද තමා ජනතාව ප්‍රතික්ශේප නොකළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර “පුළුවන් ශ්‍රී ලංකා” ජනහමුවට සහභාගී වෙමින් සඳහන් කළේය.

ඉදිරියටද ජනතාව අමතක නොකරන බවත් රට ගොඩනැගීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

“ජනතාව විශ්වාස කරපු නායකයෝ ජනාතාව ප්‍රතික්ශේප කරලා පැනලා යද්දි ජනතාව ප්‍රතික්ශේප කරපු මම ජනතාව ප්‍රතික්ශේප කළේ නැහැ. මම ජනතාව වෙනුවෙන් අභියෝගය භාරගත්තා. ගිලෙන්න ලංවෙලා තිබුණු නැවක් මට දුන්නේ.  මට භාරදුන්නු වැඩසටහන අවසන් කරනවා කියලා මම තීරණය කළා. නැවේ හිටපු අනිත් අය එකතු කරගෙන අපි ගමන යන්න තීරණය කළා. මට භාරදුන්නු වැඩකොටසේ පළමු වැඩ කොටස අද වෙද්දි අවසන් කරලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. එතැනදි අපිට අමාරු තීරණ ගන්න සිදුවුනා. ජනතාව පීඩාවට පත්වුණා. බදු වැඩිකරන්න සිදූවුණා. නමුත් අපේ ආර්ථිකය ශක්තිමත් වෙද්දි අපිට සහනයක් ලැබෙන බව මම දැනගෙන හිටියා. ඒවගේම ලබන වසර වෙද්දි ජීවන බර සැහැල්ලු කරන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ඒවගේම ශ්‍රි ලංකාව ජයග්‍රණය කරවන්න අපිට පුළුවන් . විපක්ෂයේ කිසිම කෙනෙකුට මේ සඳහා ශක්තියක් නැහැ.සැලසුමක් නැහැ.  ඒසඳහා එකතුවෙන්න කියලා මම ජනතාවට ආරාධනා කරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Previous articleඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ජනපති රනිල්
Next articleශ්‍රී ලංකාවේ බංකොලොත් භාවය අවසන් වෙයි – මට දුන්න වගකීම මම ඉටුකළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here