Home Uncategorized කෝපි කඩේ කතා දාන්න එපා – ආර්ථික ප්‍රතිපත්තිය රටට පැහැදිළි කරන්න –...

කෝපි කඩේ කතා දාන්න එපා – ආර්ථික ප්‍රතිපත්තිය රටට පැහැදිළි කරන්න – රනිල් අනුරට කියයි

179
0

අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් රටට සිදු කළ යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගම්පොළ දී පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා,’ ජනරැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

“මාලිමාව කියන විදිහට මේ අයවැය හැදුවොත් ඩොලරය ආරම්භ වෙන්නේ රුපියල් 400-425යි. එන අවුරුද්දේ අපේ වියදම ඩොලර් බිලියන 6800යි අපේ ආදායම ඩොලර් බිලියන 5100යි. අපිට තියනවා පරතරයක් මම ඒ සඳහා බලාපොරොත්තු වෙන්නේ මාර්කට් එකෙන් මුදල් අරගන්න 5%කට අඩුව”.

“මම බැලුවා මාලිමාවේ අයවැය ඒ ගොල්ලෝ කරන්න ගිය ඔක්කොම බැලුවොත් අපිට වුවමනා වෙනවා රුපියල් බිලියන 8900ක්. ඒ ගොල්ලේ හැම එකක්ම බදු අඩුකළාට පස්සේ ආදායම 4900යි. අයවැය හිඟය රුපියල් බිලියන 4000ක් අඩුයි. දැන් කොහෙන්ද ඉතුරු ටික හොයාගන්නේ.”

“මම අහන්න කැමතියි අනුර දිසානායකගෙන් කරුණාකරලා කියන්න මොකක්ද මේ අයවැය. ඇයි මිනිස්සුන්ට ආපහු දාන්නේ මේ බර? මම වැරදිනම් කරුණාකරලා තමන්ගේ සංඛ්‍යාලේඛන කියන්න. නිකං කෝපි කඩේ කතා දාන්න එපා.”

Previous articleදස වසරකට පසු ශ්‍රී ලංකාව එංගලන්තයේදී දිනයි
Next articleමිල්කෝ කිරිපිටි මිල පහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here