Home අද ඇමරිකානු බදු ප්‍රතිපත්තිය නිසා ලංකාව හිර වෙනවා : වාණිජ මණ්ඩලය !

ඇමරිකානු බදු ප්‍රතිපත්තිය නිසා ලංකාව හිර වෙනවා : වාණිජ මණ්ඩලය !

123
0

ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරු බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තීරු බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලය දැඩි අවධානයක් යොමුකර තිබෙන බවත්, ඇමරිකා එක්සත් ජනපදයට මෙරටින් වසරකට ඩොලර් බිලියන තුනක භාණ්ඩ අපනයනය කෙරෙන බවත් පවසන එම මණ්ඩලය එය මෙරට සමස්ත අපනයන ආදායමෙන් සියයට විසිපහක් (25%)ක් බවද සඳහන් කරයි.

මෙලෙස ඇමරිකාව තීරු බදු ඉහළ නැංවීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළට සහ සැපයුම් ජාලාවලටත් යම් බලපෑමක් එල්ල කරන බවද, යුරෝපයේ සහ ඇමරිකාවේ පවතින දීර්ඝ කාලීන ව්‍යාපාරවලට ද එය බලපෑමක් එල්ල කරන බව එම නිවේදනයේ දැක්වේ.

මේ සම්බන්ධව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් සතුටු වන බවද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මූල්‍ය ප්‍රතිපත්තියට ද මින් බලපෑම් ඇතිකළ හැකි බව එමගින් පෙන්වා දී තිබේ.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරනුයේ ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ ආර්ථික කටයුතු පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශක වන දුමින්ද හුලංගමුව වන අතර ඔහු මෙරට ප්‍රධානතම බදු උපදේශක සමාගමේ ප්‍රධානියෙකු ද වෙයි.

Previous articleඩේසි ආච්චිටයි යෝෂිතටයි අධි චෝදනා
Next articleමැතිවරණ ව්‍යාපාරය තුළ ජනපති අනුර අධිකරණයට බලපෑම් කරලා : මැතිවරණ නිරීක්ෂණයෙන් නිවේදනයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here