විනිසුරුවරුන් නඩු කටයුතුවලින් ඉවත් වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පසු ගිය දිනක බෙලිඅත්තේ දී කළ ප්‍රකාශය අධිකරණයට කළ බලපෑමක් ලෙස දක්වමින් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හර්ශ්චන්ද්‍ර විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ළබැඳියාවන් අතර ගැටුමක් ඇත්නම් නඩුවකින් ඉවත්වීම විනිසුරුවරයෙකුට ඇති අයිතියක් බවත් , එමෙන් ම ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශය ස්වාධීන අධිකරණ ක්‍රියාමාර්ගවලට මෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට සිදුවන බලපෑමක් බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හර්ශ්චන්ද්‍රගේ අත්සනින් යුත් එම නිවේදයේ අවධාරණය කර ඇත.
එබැවින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම ද මෙවැනි ආකාරයේ ප්‍රකාශවලින් දේශපාලනඥයන් වැළැකිය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට උපදෙස් ලබා දීම වඩාත් කාලීන බව ද එම නිවේදනයෙන් පෙන්වාදී ඇත.
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හර්ශ්චන්ද්‍ර විසින් නිකුත් කරනු ලැබූ අදාළ නිවේදනය පහත දැක්වෙයි .
අධිකරණයට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ තරයේ හෙළා දකිමු..!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා බෙලිඅත්තේ, පළාත් පාලන මැතිවරණය සඳහා පැවැත් වූ දේශපාලන වේදිකාවක දී විනිසුරුවරුන් නඩුවලින් ඉවත් වීම පිළිබඳව අධිකරණයට මෙන්ම සමාජයට බලපෑමක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කරන ලදී.
ළබැඳියාවන් අතර ගැටුමක් ඇත්නම් නඩුවකින් ඉවත්වීම විනිසුරුවරයෙකුට ඇති අයිතියකි. මෙවැනි ප්‍රකාශ මගින් ස්වාධීන අධිකරණ ක්‍රියාමාර්ගවලට මෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට සිදුවන බලපෑම අප තරයේ හෙලා දකිමු.
මැතිවරණ වේදිකාවේ හුදු දේශපාලන වාසි ලබා ගැනීමට කරන මෙවැනි ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂද තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව අපගේ විශ්වාසයයි. ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම ද මෙවැනි ආකාරයේ ප්‍රකාශවලින් දේශපාලනඥයින් වැළැකිය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට උපදෙස් ලබාදීම වඩා කාලීනය.