Home අද හිටපු අමාත්‍ය මනූෂ වෙනුවෙන් පාක්ෂිකයෝ එක් වෙති

හිටපු අමාත්‍ය මනූෂ වෙනුවෙන් පාක්ෂිකයෝ එක් වෙති

1012
0

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරමින් ඒ සමග ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි විරෝධතාවක් අද (14) දින හිටපු අමාත්‍යවරයාගේ පාක්ෂික පිරිස් විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.

May be an image of 1 person, crowd and text

May be an image of 6 people and tree

May be an image of 9 people, crowd and text that says 'MAWSHA HARIN HA'

 

හිටපු අමාත්‍යවරයාගේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාක්ෂික ජනතාව, ඊශ්‍රායෙල් රැකියා අපේක්ෂිත තරුණ කණ්ඩායම්, මහා සංඝරත්නය විශාල සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගි වී තිබූ අතර ගාල්ල වෙරළ පාරේ සිට ආ පාගමනට පැමිණි පොලිස් බාධක මැද පිරිස ගාල්ල බස් නැවතුම්පොළේ නැවතී සිය නිහඬ විරෝධතාව පවත්වා තිබිණි.

May be an image of 5 people, crowd and text

May be an image of 5 people, crowd and text

May be an image of 1 person, crowd and text

May be an image of 7 people, crowd and text

අනතුරුව මහා සංඝරත්නය 200ක පමණ සංඛ්‍යාවක් සමග ගාල්ල සමනල උද්‍යානයේ චෛත්‍ය මළුවට රැස් වීමට කටයුතු කළ පිරිස හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ආශිර්වාද පූජාවක් පවත්වා තිබිණි.

හිටපු අමාත්‍යවරයාට සෙත් පතමින් සහ ඔහුට එරෙහි වී රටේ දියුණුව මන්දගාමී කරන පිරිසට එරෙහිව පහතරට ශාන්ති කර්මයක් පැවැත්වීමටද නිහඬ උද්ඝෝෂක පිරිස කටයුතු කර තිබිණි.

Previous articleසජිත්ගෙන් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුට ආසන සංවිධායක ධූරයක්
Next articleබංග්ලාදේශය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ සහාය දෙනවා – ජනපතිගෙන් ප්‍රතිඥාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here