Site icon Newshub

හිටපු අමාත්‍ය මනූෂ වෙනුවෙන් පාක්ෂිකයෝ එක් වෙති

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරමින් ඒ සමග ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි විරෝධතාවක් අද (14) දින හිටපු අමාත්‍යවරයාගේ පාක්ෂික පිරිස් විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.

 

හිටපු අමාත්‍යවරයාගේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාක්ෂික ජනතාව, ඊශ්‍රායෙල් රැකියා අපේක්ෂිත තරුණ කණ්ඩායම්, මහා සංඝරත්නය විශාල සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගි වී තිබූ අතර ගාල්ල වෙරළ පාරේ සිට ආ පාගමනට පැමිණි පොලිස් බාධක මැද පිරිස ගාල්ල බස් නැවතුම්පොළේ නැවතී සිය නිහඬ විරෝධතාව පවත්වා තිබිණි.

අනතුරුව මහා සංඝරත්නය 200ක පමණ සංඛ්‍යාවක් සමග ගාල්ල සමනල උද්‍යානයේ චෛත්‍ය මළුවට රැස් වීමට කටයුතු කළ පිරිස හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ආශිර්වාද පූජාවක් පවත්වා තිබිණි.

හිටපු අමාත්‍යවරයාට සෙත් පතමින් සහ ඔහුට එරෙහි වී රටේ දියුණුව මන්දගාමී කරන පිරිසට එරෙහිව පහතරට ශාන්ති කර්මයක් පැවැත්වීමටද නිහඬ උද්ඝෝෂක පිරිස කටයුතු කර තිබිණි.

Exit mobile version