Home අද  හරීන්ගේ මන්ත්‍රීකම හිරුණිකාට දෙන්න  – සමගි ජන සන්ධානය යෝජනා කරයි

 හරීන්ගේ මන්ත්‍රීකම හිරුණිකාට දෙන්න  – සමගි ජන සන්ධානය යෝජනා කරයි

1094
0

හරීන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නම යෝජනා කර  ඇති බව සමගි සන්ධානයේ පාර්ශවකාර පක්ෂ සඳහන් කර ඇති බව වාර්තා වේ.

මෙම මන්ත්‍රී ධුරය තම පක්ෂවලට ලබාගැනී‌මේ කිසිදු  අදහසක් නොමැති බවද ඒ සඳහා සුදුසුම පුද්ගලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බවද  ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබාගැනීමට තමන්ද සූදානම් නොමැති බවත් ඒ සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නම යෝජනා කරන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ජනාධිපති නීතීඥ නිසාම්  කාරියප්පර් මහතා ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදුයුදීන් මහතා ද පැවසුයේ මෙම මන්ත්‍රී තම පක්ෂයට ලබාගැනීමේ අදහසක් නොමැති බවයි.

කෙසේවෙතත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්නායක මහතා මේ සම්බන්ධයෙන් පැවසුයේ මැතිවරණ වැඩ නිසා මේ පිළිබඳ කතාකිරීමට වෙලාවක් නොළැබුන බවය,

“අපේ පක්ෂයේ කළමණාකරණ කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙලා තීරණය කරනවා . මේ දිනවල ඡන්ද වැඩ නිසා කතාකරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මේ අය හමුවුනාම සුදුසු පුද්ගලයා නම්කරයි . අපි සුදුසුම පුද්ගලයා නම්කරනවා” යනුවෙන්ද හෙතෙම පවසා තිබේ.

කෙසේවෙතත් සමගි ජන සන්ධානය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුයේ ඉදිරියට තමන් තීරණ ගන්නේ සමගි ජන සන්ධානයේ නායකයින්ගේ අදහස් සහ යෝජනා අනුව බවයි. කෙසේවෙතත් සමගි ජන සන්ධානයේ නායකයින්ගේ පළමු යෝජනාවම සමගි ජනබල වේගය ප්‍රතික්ශේප කරන තත්වයක් මේවනවිට පැණනැගී ඇති බවද වාර්තාවේ.

 

Previous articleදිනකට NPP ක්‍රියාකාරීන් 37,500 දිවයිනට? ප්ලේන් බාන්න ඉඩ නැතිවෙන ලකුණු.!
Next articleචොකා මල්ලි නැවතත් පොහොට්ටුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here