එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පැවසීය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ දිලිත් ජයවීරගේ නම ජනාධිපති අපේක්ෂක ධූරයට යෝජනා කළ අතර සෙසු විධායක සභිකයන් ඇතුළු පාක්ෂිකයෝ එය ස්ථිර කළහ.
මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමින් ඔහු ඒ බව පැවසීය.