Home අද යළිත් ජනපති උනොත් කරන්න යන දේ ජනපති හෙළිකරයි

යළිත් ජනපති උනොත් කරන්න යන දේ ජනපති හෙළිකරයි

1421
0

 

 

යළිත් වරක් ජනාධිපති ධුරයට පත්උවහොත් රටේ ආර්ථිකය යහපත්කර ජනතාවට සහන ලබාදීමට මෙන්ම තරුණ තරුණියන්ට අනාගතයක් ඇතිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

No Politics, with Ranil Wickremesinghe | Q&A #AskRanil සමාජ මාධ්‍ය ඔස්සේ   සජීවීව පැවති  ප්‍රශ්ණ විමසීමේ වැඩසටහන සමගින් එක්වෙමින් තරුණයකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයෙන් යළිත් ජනාධිපති බවට පත්උවහොත් ඔබ කරන්නේ කුමක්ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුර –  කාරණා දෙකක් සිදුකරන්න තිබෙනවා. පළමුවෙන්ම මේ සිදුකරණ වැඩ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙනයමින් ආර්ථික ස්ථාවරබවක් ඇතිකර ජනතාවගේ ආර්ථික බර අඩුකර ජනතාවට සහන දෙන්න කටයුතු කරනවා.

ඒ වගේම ආර්ථිකය පහසුකරලා තරුණතරුණියන්ට  අනාගතයක් නිර්මාණය කර දෙන්න කටයුතු කරනවා. ඒ අතර Netflix බලන්නත් කැමතියි” පැවසීය.

Previous articleසැමට ඉංග්‍රිසි උගන්වනවාට ජවිපෙ විරුද්ධ වුණා – ජනපති
Next articleතරුණ පරපුරේ ප්‍රශ්නවලට ජනපති දුන්න පිළිතුරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here