Site icon Newshub

යළිත් ජනපති උනොත් කරන්න යන දේ ජනපති හෙළිකරයි

 

 

යළිත් වරක් ජනාධිපති ධුරයට පත්උවහොත් රටේ ආර්ථිකය යහපත්කර ජනතාවට සහන ලබාදීමට මෙන්ම තරුණ තරුණියන්ට අනාගතයක් ඇතිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

No Politics, with Ranil Wickremesinghe | Q&A #AskRanil සමාජ මාධ්‍ය ඔස්සේ   සජීවීව පැවති  ප්‍රශ්ණ විමසීමේ වැඩසටහන සමගින් එක්වෙමින් තරුණයකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයෙන් යළිත් ජනාධිපති බවට පත්උවහොත් ඔබ කරන්නේ කුමක්ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුර –  කාරණා දෙකක් සිදුකරන්න තිබෙනවා. පළමුවෙන්ම මේ සිදුකරණ වැඩ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙනයමින් ආර්ථික ස්ථාවරබවක් ඇතිකර ජනතාවගේ ආර්ථික බර අඩුකර ජනතාවට සහන දෙන්න කටයුතු කරනවා.

ඒ වගේම ආර්ථිකය පහසුකරලා තරුණතරුණියන්ට  අනාගතයක් නිර්මාණය කර දෙන්න කටයුතු කරනවා. ඒ අතර Netflix බලන්නත් කැමතියි” පැවසීය.

Exit mobile version