Home අද පොලිස්පතිවරයාට එරෙහිව ලබාදුන් වාරණ නියෝගය වලංගු ‌නැහැ – අගමැති

පොලිස්පතිවරයාට එරෙහිව ලබාදුන් වාරණ නියෝගය වලංගු ‌නැහැ – අගමැති

759
0

 

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබාදුන් වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවන බව අගමැති දිනේශ් ගුණවර්ධන මහතා අද(26දා) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව තවදුරටත් පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතා බවත් එය වෙනස් වී නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි අතර එය ක්‍රියාත්මක වන බවද එසේ නොමැති උවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බල රහිත වු ආයතනයක් වනු ඇති බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම වත්මන් නීති ප්‍රතිපාදන යටතේ වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට නීති ප්‍රතිපාදන නොමැති බවටත්  පොලිස්පතිවරයකු එකවර කනෙන් අල්ලා දොට්ට දැමිට නොහැකි බවත් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුත්තේද එම නීතිය අනුව බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය

Previous articleනියත ජනපති රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි
Next articleපාන් මිල අඩුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here