ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව ජපානය අද (24) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, JICA ශ්‍රී ලංකා කාර්යාල ප්‍රධානී යමාඩා ටෙට්සුයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි.